දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බව නීතිපතිවරයා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම දැනුම්දීම සිදුකළේය.
අදාළ දේවගැතිවරයාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භකර තිබෙන බවත් ඒ පිළිබඳව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.