කැනඩාවේ ක්ලිම්ප් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ වංචාවට හසු වී ඇති බව සඳහන්.
බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ දී පුද්ගලයකු පහර දුන් බවට සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගෙන් ලද පැමිණිල්ලක් අනුව ඔවුන් තිදෙනාම තලංගම පොලිසිය වෙත රැගෙන විත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ වංචාවේ තොරතුරු අනාවරණය වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.