කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසන් පසුගිය දින කිහිපයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමු වී තිබෙනවා.
ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂා සම්බන්ධයෙන් හා සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව මෙහි දී සාකච්ඡා කළ බවයි වාර්තා වී ඇත්තේ.
විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදු වන හොරකම් වැඩවීමක් පෙන්නුම් කරන බව හා සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩි වී ඇති බවට මෙහි දී අනාවරණය වී තිබෙනවා.
මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ට්රාන් අලස් සහ ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විශ්වවිද්‍යාල අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමට ද අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.