පිටරට ගිය තරුණියන්ට නැවත මෙරටට පැමිණීමට ඇඟ විකුණන්න සිදු වී ඇතු බව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති ප්රකාශ කරනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුවට හොරකම් කිරීමට හා නාස්ති කිරීමට ඕනෑ තරම් මුදල් ඇති බවයි.
ප්රශ්න විසදනවා වෙනුවට සේෆ් හවුස් එකේ ඔවුන් මාස ගණනාවක් රදවා තබා ගන්නා බවත් එක පැත්තකින් එය රටට බරක් බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒජන්සි හිමියන් විසින් සේවිකාවන් සඳහා විශාල මුදලක් අය කර ගන්නා බවත් නමුත් ඉන් සේවිකාවන්ට ගෙවන්නේ ඉතාම සුළු මුදලක් බවත් සුනිල් හදුන්නෙත්ති ප්රකාශ කර සිටියා.
කෙසේ වෙතත් ඔවුන්ගේ ශ්රමයට සරිලන වැටුපක් නොලැබීම නිසා හා දරා ගත නොහැකි ලෙස සේවිකාවන්ගෙන් වැඩ ගැනීම නිසා ඔවුන් අදාළ ගිවිසුම් කඩ කර එම නිවාසවලින් පැන එන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
සභාපතිතුමා පවසන්නේ සේවිකාවන්ගේ පාස්පෝට් නැවත ලබා ගැනීමට නම් ඒජන්සිවලට ගෙවූ මුදල නැවත ලබා දිය යුතු බවයි.
සේවිකාවන් වෙනුවෙන් විශාල මුදලක් අය කර ගනු ලබන ඒජන්සිකරුවන් නිසා රට යන කාන්තාවන් අසරණ වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.