මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනෙකු, පාසල් සිසුවෙකු ඇතුළු 06 දෙනකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර තරුණියක සහ තරුණයන් දෙදෙනකු ද සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පානදුරේ සංචාරක හෝටලයක් අසළ පිරිසක් මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව පොලිසිය එහි යන විට ඔවුන් මෝටර් රථයකින් පිටව යාමට උත්සාහ ගෙන තිබෙනවා.
එහිදී රථය පැදවීමට සූදානම් වූ තරුණයා බීමත්ව සිටි බැවින් ඔවුන් සියලු දෙනාම පොලිසියට රැගෙන ආ බවත්,
බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනා සහ පාසල් සිසුවා තම අනන්‍යතාව තහවුරු කිරීමට අකමැති වූ බැවින් ඔවුන් පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.