ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි අතර හමුවක් පවත්වා තිබෙනවා.
රුසියාවේ යුක්රේන ආක්‍රමණය ඇරඹීමෙන් පසු ඉන්දීය අගමැතිවරයා, යුක්රේන ජනාධිපතිවරයා හමුවූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජපානයේ හිරෝෂිමාහිදී පැවැත්වෙන ජී හත සමුළුවට සමගාමීව මෙම හමුව සිදුව ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ රුසියානු යුක්රේන අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡාවෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකව බවයි.
ඕනෑම සාම ප්රයත්නයක් සඳහා ඉන්දියාව සූදානම් බවද අගමැති මෝදි එහිදී ප්‍රකාශ කර තිබෙනවා.