සෑම සතියකම සිකුරාදා දිනයේ පැය 02ක කාලයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම නිවෙස්වලත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා වෙන්කරගන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ, ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණද සතිපතා 2,000කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් තවමත් වාර්තා වීම හේතුවෙන්.
මේ වසරේ ජනවාරි මාසයේ සිට අද දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 35,823 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
රෝගීන්ගෙන් 50% ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
එමෙන්ම මැයි මාසයේ ගෙවුණු දින 19ක කාලය තුළ පමණක් රෝගීන් 5,575 දෙනෙකුම වාර්තා වී තිබෙනවා.
ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීම තවදුරටත් පෙන්නුම් කරන සාධකයක් වී ඇත්තේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය 300ත් 400ත් අතර අගයක පැවතීමයි.
මීට අමතරව මේ වසරේ අද දිනය දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 23ක් සිදුව තිබෙන අතර පසුගිය වසරේ වාර්තා වූ සමස්ත මරණ ගණන 72ක්.