14 වන ජාතික රණවිරු සැමරුම් දින උළෙල අද (19) පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වීමට නියමිතයි.
මෙහිදී එල්.ටී.ටී.ඊ ත්රස්තවාදින් සමඟ පැවති 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්රිවිධ හමුදාවේ, ශ්රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදුකෙරෙනු ඇති.