විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම් හෙළිදරව් කිරීමට සූදානම් බව ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ විපක්ෂනායකවරයා මෙසේ බලපෑම් කළ බවයි.
ඔහු මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්
” සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් සිහින ජනාධිපති වෙලා ඉවරයි. මම තවත් රන්ජන් රාමනායක කෙනෙක් වෙන්න කොහොමත් කැමති නෑ. එතුමා මාව යවන්න එපා කියලා මගේ නෝනට කරපු ආයාචනා මේ ෆෝන් එකේ තියෙනවා රෙකෝඩ් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ අවසරය ලැබෙනවා නම් මේ ටික මම මාධ්‍යට දෙන්නම්. එතකොට බලන්න පුලුවන් එතුමට මාව ඉරට්ටක්ද පොල් ගහක් ද කියලා”