යුධ සමයේ මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද (18) පෙරවරුවේ දී බොරැල්ල කනත්ත වටරවුමේ දී පැවැත් වුණා.
එහි දී එම ස්ථානයට පැමිණි පාර්ශවයක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය මැදිහත් වී පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කළේ.