ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සඳහා සිය මූල්‍ය ආයතන වෙත සහාය වෙන බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (17) ප්‍රකාශ කර තිබෙනවා.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් චීනය නිශ්චිතව සහ අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කරන බවයි.
මෙහිදී ශ්‍රී ලංකා රජය පවසා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බවත් චීනය ඇතුළු ණය හිමියන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්ය.