දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේ දින දෙකකට වඩා උණ පවතින්නේ නම් දරුවන් අනිවාර්යයෙන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.
මේ අතර අදත් දිවයිනේ විවිධ ස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කෙරුණා.
පසුගිය සතිය තුළ පමණක් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2000ක් වන අතර ඉන් 50%කට අධික සංඛාවක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
පසුගිය දිනවල පැවැති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ආරම්භ වූ ඩෙංගු රෝගය මේ වන විට අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසන්නේ .
මේ අතර බස්නාහිර පළාතේ දූමායනය ඇතුළු ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වූ අයුරුයි.
මේ අතර කළුතර , බණ්ඩාරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවෙස් සහ අනෙකුත් ස්ථානවල ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන පරීක්ෂාවක් අද පැවැත්වුණා.
එහිදී ඩෙංගු කීටයින් බෝ වන ස්ථාන හමුවූ දේපළ හිමි කරුවන්ට දැඩි අවවාද කළ අතර දඩ මුදල් අය කිරීමට ද පියවර ගැණුනා.
පළමුවැනි සැරේ නිසා අපිට පුළුවන් මේකට ස්ථානීය දඩයක් නියම කරන්න. මේ තියෙන සෑම දෙයකටම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
ඔබතුමා දන්නවා මේ වන විට දැනට බස්නාහිර පළාත තුළ 30,000ට අධික රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. මරණ 22යි.
මේ අතර තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඊයේ දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවයි.
කෙසේ වෙතත් කොවිඩ් මරණ කිසිවක් ඊයේ දිනය තුළ වාර්තා වී නැහැ.