ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ජෝන් ෆ්රාන්සුවා පැක්ටේට් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් අද (17) දින ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේ දී පැවැත්වුණා.
ශ්රී ලංකාවේ පවතික ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇති අතර ත්රස්ත විරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන තත්ත්වයන් පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු කර තිබෙනවා.
ශ්රී ලංකාව හා ප්රංශය අතර රාජ්ය තාන්ත්රික සබඳතාවන්ට වසර 75ක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්රී ලංකා ප්රංශ සබඳතාවට සුබ පැතුම් පිරිනැමීම ද මෙහි දී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.