විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ මීළග ජනාධිපති අපේක්ෂකවරයා බව එම පක්ෂය ඒකමතිකව තීරණය කර තිබෙනවා.
සමගි ජනබලවේගයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (16) පැවැත්වුණා.
පස්වරු හතරට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත් වූ බවයි වාර්තා වන්නේ.
සජබයේ උප සභාපතිවරයෙක් වූ පී. හැරිසන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන බව පසුගිය දා ප්‍රකාශ කළා.
එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද තමන් ජනාධිපතිවරයාට සහය දක්වන බව සඳහන් කළා.
සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි පසුගිය දා IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ සජබය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 ක් පමණ ජනාධිපතිවරයාට සහාය දැක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.