හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු ඇමතිවරයකු වන මර්වින් සිල්වා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළා.
සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ මෙවන් අදහසක්
“මං ෆාදර් ජෙරම් ප්‍රනාන්දුට කියනවා ඩොලර්ස්වලින් සාක්කු පුරව ගන්න ආගම් බේද ඇති කරන්නෙ එපා. ජෙරම් කියනවනම් ක්‍රිස්තුස් වහන්සේ ආලෝකයයි කියලා, ක්‍රිස්තුස් වහන්සේ මර්කරි බල්බ් එකක් වෙන්න ඇති. අපහාස කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ පින් පිරිච්ච එඩිතරව රජුන්ට විරුද්දව මූන දුන්නු හැමෝටම ප්‍රේම කරන්නැයි කියලා නිහමානී කමින් පිරිච්ච ලෝකයේ වැඩි පිරිසක් අදහන ආගම ලෙසයි මම දැනගෙන තියෙන්නේ.”
මෙහිදී හෙතෙම දේවගැති ජෙරම් විවේචනයට ලක් කරමින් කියා සිටින්නේ, බුද්ධාගම නොදන්නේ නම් එය ඔහුට ඉගැන්විය හැකි බවයි.
මර්වින් සිල්වා තවදුරටත් සඳහන් කළේ සිංහලකම, සංස්කෘතිය, බෞද්ධ දර්ශනය වැනි දෑ සම්බන්දයෙන් අදහස් ඉදිරිපත් කිරීමේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසයි.
බුදුහාමුදුරුවන් ආලෝකය නොව සත්‍ය සොයාගෙන ගිය බවයි හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
ඔහු පවසන්නේ, “කිසිඳු ආගමකට අගෞරව කිරීම, ආගම හෙලා දැකීම, ආගම පහත් කොට සැළකීම” නවත්වන ලෙසයි.
අවසාන වශයෙන් මර්වින් සිල්වා සඳහන් කළේ ජාතිවාදය ආගම්වාදය පෙරටුකොට ගනිමින් නැවත කරලියට පැමිණීමට කටයුතු කරන්නේ නම් එය වහාම නැවැත්වීමට තමන්ට හැකියාව පවතින බවයි.