මේ අතර, වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු සහ මී උණ රෝග තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 22ක්.
එමෙන්ම අදාළ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 34,511ක් වාර්තා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
මේ අතර, බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හතලිහකට ආසන්න ප්‍රමාණයකින් ඩෙංගු කීටයින් හඳුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය පවසනවා.
එහිදී දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කළ බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද එම ආයතනය පියවර ගත්තා.