කුසට අහරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනෙකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.
12 හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති දැරියක සහ ඇයගේ අවුරුදු 7ක් සහ 8ක් වයසැති සොහොයුරන් දෙදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව පතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දරු තිදෙනා ගේ පියා මියගොස් ඇති බව පොලිසිය කියයි.
මව රෝගී තත්වයෙන් ප්‍රතිකාර නොලබා මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවස තුළ බිම වැතිරී සිටිය දී රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
පිරිමි දරු දෙදෙනා කලකට පෙර පාසල් ගොස් ඇති බවත් පවතින අගහිඟකම් මධ්‍යයේ පාසල් ගමන අතහැර ගොස් ඇති බවත් පොලීසිය පවසනවා.
මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්. කේ. රමනි විසින් දරු තිදෙනා ඔවුන්ගේ බාරයට ගෙන මව රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරු තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර සුදුසු භාරකාරත්වයට පත් කරන ලෙසට ඉල්ලා සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.