අපවත්වී වදාළ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මැයි 21 ඉරිදා පස්වරු 3 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත් වී තිබුණා.
අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බවයි වාර්තා වන්නේ.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත්වන විට 84 වියෙහි පසුවුණා.
1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලුකාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූ දොඩම්පහළ චන්දසිරි හිමියන් මාතර, වීරබා පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවා.