මැදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය නගරය ආසන්නයේ දී වයස අවුරුදු 16ක දැරියක්ව බලෙන් රැගෙනයෑමට උත්සාහ කිරීමක් වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, දැරියගේ මව විසින් මැදවච්චිය පොලීසියට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවය.
සිදුවීමට අදාළ ස්ථානයේ ඇති CCTV දර්ශන සම්බන්ධව විමර්ශන සිදුකිරීමේ දී එම කාලය තුළ එවැනි සිදුවීමක් වාර්තා නොමැති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව මාර්ගයේ අනෙකුත් CCTV දර්ශන පරීක්ෂා කර මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.