සුප්‍රකට ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 25ක් නොගෙවන්නේ නම් ඔහුව මත්ද්‍රව්‍ය නඩුවකට හසු කරන බවට එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ හිටපු කලාප අධ්යක්ෂ සමීර් වන්කඩේ තර්ජනය කර ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ හේතුවෙන් සමීර් වන්කඩේට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරා ඇති බව සඳහන්.
2021 වසරේ මුම්බායිහි දී 24 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු 14 දෙනෙකු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූව ද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඔහුගේ නඩුව ඉවත දැමුවේ, ආර්යන් ඛාන් සතුව තිබී මත්ද්‍රව්‍ය කිසිවක් හමුවී නැති බවට තහවුරු වීමෙන් පසුවයි.