වාණිජ ණය හිමියන් සහ ශ්‍රී ලංකාව අතර වන ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව එම අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ප්‍රකාශ කළා.
දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ සහභාගිත්වයෙන් අද (15) පස්වරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළකළේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් කියා සිටියා.
එහිදී මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පොලි අනුපාතය සහ අනෙකුත් රටවල පිරිනමා ඇති පොලී අනුපාතයමද යන්න ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය පහසුකමෙහි පොලී අනුපාතය 2037 වසර තෙක් ඇස්තමේන්තු ගතකර ඇත්තේ 5%ක් ලෙස බවයි.
මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (15) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.