දිස්ත්රික් සංවර්ධන සැලැස්මක් ඉදිරිපත්කරන ලෙස උපදෙස් ලබාදී මාස 03 ක් ගතව ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්රික්ලේකම්රවරු කටයුතු කර නොමැති බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා වන කමිටුව අරලියගහ මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදී අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළ බවයි අග්රාමාත්ය කාර්යාලය නිවේදනය කළේ.
දිස්ත්රික්කයේ ප්රමුඛත්වය දිය යුතු අංශ හදුනාගනිමින් කඩිනමින් දළ දිස්ත්රික් සංවර්ධන සැලැස්මක් හෝ කමිටුවට යොමුකරන ලෙස අග්රාමාත්යවරයා එහිදී දිස්ත්රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන් බව සඳහන්.