ජනතාව අධිෂ්ඨානශීලීව, පවතින අසීරුතා විඳ දරාගෙන සාමකාමීව ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකළේ නම් වර්තමානයේ පවතින තත්වයට රට ගෙන ඒමට රජයට නොහැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
අනුරාධපුරයේ ඊයේ(14) පැවති උත්සවයකදියි ඔහු මේ බව කියා සිටියේ.
රට තුළ ආර්ථිකමය වශයෙන් උද්ගතව ඇති පීඩනයෙන් මිදීමට මෙරට ජනතාව තුළ තිබූ අධිෂ්ඨානය බොහෝ ජාත්‍යන්තර සංවිධාන සමඟ පැවති හමුවලදී ඇඟයීමට ලක්වූ බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළා.
මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ විද්වත් වෘත්තිකයින්ගේ සන්ධානය අතර හමුවක් ඊයේ(14) පැවැත්වුණා.