හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර සඳහා පත්කිරීම සඳහා සූදානමක් පවතින බවට පැතිර යන කටකතාවේ සත්‍යයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ එම අසත්‍ය ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යළි අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත්කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම්වරයා පැවසීය.