කළුතර පස් මහල් ලැඟුම්හල් ගොඩනැගිල්ලෙන් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අදාළව අත්අඩංගුවට ගත් මිතුරිය සහ ඇගේ පෙම්වතා අද(15) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 29 හැවිරිදි ප්‍රධාන සැකකරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර මියගිය දැරියට අවසන් වරට දුරකථන ඇමතුම ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.
ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ දැරියට ලැබුණු අවසන් දුරකථන ඇමතුමෙන් කළබලයට පත්වී ඇය ජනේලයෙන් පිටතට පනින්නට ඇති බවයි.
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා පළවූයේ සිසුවියගේ යෙහෙළිය විසින් එම දුරකථන ඇමතුම ලබාදුන්නේද යන්න පිළිබඳවයි.
එහෙත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් තවමත් වාර්තාවී නැහැ.