වීරගුල පොලිස් වසමේ මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (13) දින 119 දුරකථන මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වීරගුල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇයගේ වයස අවුරුදු 60ක්.
මරණකාරිය උස අඩි 05 අඟල් 04ක් පමණ කාන්තාවක් වන අතර රතු සහ කොළ මිශ්‍ර බිනික් ගවුමක් හැඳ සිටි අයෙක්.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වීරඟුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එමෙන්ම හොරණ පොලිස් වසමේ මඩුගහවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට අද (14) දින හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත හොරණ පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 70ක් පමණ වු උස අඩි 05 අඟල් 04ක් පමණ පුද්ගලයෙක්.
උඩුකය නිරුවත්ව හා යටි කයට දුර්වර්ණ වූ සරමක් හැඳ සිට ඇති අතර මෘත දේහය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) දින සිදුකිරිමට නියමිතයි.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.