මහියංගනය දිසා අධිකරණයේ විභාග වූ වන්දි නඩුවක මුදල් ගෙවීමට පැමිණි පුද්ගලයෙකු අධිකරණය වෙත ලබාදුන් රුපියල් 21,000 ක මුදලේ ව්‍යාජ 5,000සේ නෝට්ටුවක් ඇති බවට අනාවරණයවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ත්‍රිරෝද රථයකින් පැමිණ රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකු සහ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී කළුතර දකුණ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ව්‍යාජ රුපියල් 5,000 සේ නෝට්ටු 11ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සිය භාරයට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි වියේ පසුවන දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් වන අතර ඔවුන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.