හිඟ බදු, දඩ ආදායම් හා පොලී අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.
ඒ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදීය.
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්රමරත්න මහතා,
“මුළු හිඟ බදු හා දඩ ආදායම්, පොලී කියන මේ ඔක්කොගේම එකතුව 2022.12.31 රුපියල් බිලියන 904 ක්. දැන් අපි ඉන්නේ 2023 යි මාස 5ක් ගතවෙලා. මේ අය කරගත හැකි ආදායමේ ප්රගතිය කරුණාකරලා වාර්තා කරන්න.”
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා,
“හිඟ බදු පිළිබඳ ප්රශ්නයක් තියෙනවාද ? නැද්ද ?”
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා,
“ප්රශ්නයක් තියෙනවා. මේ නවසීය ගාණ කියන එකේ උසාවි අරගෙන යනන් බැහැ අපිට ඔක්කොම. ඒ අරගෙන යන්න වෙන්නේ කම්ෆර්ම් ටැක්සස්. ඇපීල් තියෙන ටික අපිට අරගෙන යන්න බැහැ. අපේ නිලධාරී හිඟයක් තියෙනවා. එක නිලධාරියෙක්ට වැඩ කරන්න විශාල ෆයිල් ප්රමාණයක් තියෙනවා.”