විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට සති දෙකක කාලයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවය.