ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් සහ කළමනාකරණය සහාය වීම සම්බන්ධව සැකකාරියන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියක් අවුරුදු 24ත්, 25ත්, 30ත්, 31ත්, 36ත් හා 52ක වයස්වල පසුවන පානදුර, මොරටුව, තඹුත්තේගම, වනාතවිල්ලුව, මැණික්හින්න හා අනුරාධපුර ප්‍රදේශ වල පදිංචිකාරියන්.
සැකකාරියන් අද (11) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්දිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.