කළුතර ප්රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය සහ ලිංගික හිරිහැරවලට පත් කර තිබෙන බවට පොලිසියට පැමිණිලක් ලැබී තිබෙනවා.
අදාළ ගුරුවරයා එම ප්රදේශයේ ගණිතය විෂය උගන්වන ගුරුවරයෙකු බවයි වාර්තා වී ඇත්තේ.
අප ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් ඔහුගේ මෝටර් රථයෙන් කළුතර ලාගොස්වත්ත කැළෑබද ප්රදේශයකට රැගෙනගොස් මෝටර් රථය තුළදී ලිංගික හිරිහැර කර ඇති අතර පන්ති කාමරය තුළ දී ද අදාළ සිසුවියන්ට ලිංගික හිරිහැර සහ අපයෝජන සිදු කර ඇති බවයි
අදාළ සැකකරු දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වීමට කටයුතු කර ඇති අතර දෙමව්පියන් නොමැති අවස්ථාවලදී දැරියන්ට ඇදුම් ඉවත් කරන ලෙසට උපදෙස් දී එම දර්ශන ද පටිගත කර ඇති බවට හෙළිදරව් වී තිබෙනවා.
සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් පරිගණකයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසු වී ඇය මේ පිළිබඳව අදාළ දරුවන්ගේ දෙමාපියන් වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර අපයෝජනයට ලක්වූ දරුවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරියෙකුගේ දියණියක් ද සිටින බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.