ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා (10) මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.
ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ, ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ට දේශපාලන බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් පවතින පැමිණිලි පිලිබද සොයා බැලීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ බවයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජ්‍ය සභාපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳ තමන්ව මෙතෙක් දැනුවත් කර නොමැති බව අප කළ විමසීමක දී ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළා.
එමෙන්ම තමන් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ලිපියක් යොමු කල අවස්ථාවේ දී මෙරට ක්‍රිකට් ක්‍රිඩාවට දේශපාලන බලපෑම් ඇති බවට සොයා බැලීමට අවශ්‍යතාවයක් නොමැති බවට ඔවුන් පිළිතුරු ලිපියකින් දැනුම් දුන් බවයි ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ.