ආනයනික තිරිගු පිටි මිල වැඩි කළ ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.
මෙරට බේකරිවලින් 75%ට වඩා වැඩි ප්රමාණයක් තිරිඟු පිටි මිල දී ගනු ලබන්නේ මෙරට නිෂ්පාදිත සමාගම් දෙකකින් බවත් එම සමාගම් තම මිල ගණන් වැඩි කළොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එහිදී ඔහු ප්රකාශ කර සිටියේ ආනයනික තිරිඟු පිටි සම්බන්ධව සමස්ත බේකරිවලට කිසිදු ප්රශ්නයක් නොමැති බවයි.
මෙරට සමාගම් දෙකෙන් තිරිගු පිටි කිලෝවක් රුපියල් 210, 215 මිල ගණන්වලට බේකරිවලට සපයන බවද සභාපතිවරයා සඳහන් කළා.