ශ්‍රී පොදුජන පෙරමුණට ලබාදුන් ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.
ඊයේ (08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පොදුජන පෙරමුණේ නොවන බවයි.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.