හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදීය.
2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ලවී තිබේ.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැහැරගෙන යාමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා කියා සිටියේ 2015 වසරේ තමා දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ බවය.
එම වෙළඳසැලට චමිලා ගීතානි නමැත්තිය වරින් වර පැමිණි බවත් පසුව ඇය සමග තමා සම්බන්ධයක් ඇතිකර ගත් බවත් සාක්ෂිකරු සඳහන් කර තිබේ.
තමාව පැහැරගැනීමට ලක්වූයේ එම සිද්ධියෙන් පසුව බවත් ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කර තිබේ.