ගුවන් ගමන් පාලකවරුන්ගේ අර්බුදය විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ගුවන් යානා මෙහෙයුම් කටයුතු සදහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට එහි සේවයේ නියුක්ත වන්නේ පාලකවරුන් 79 දෙනෙක් පමණයි.
ඒ හේතුවෙන් එම සේවාව ලබාදීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති බවයි වාර්තාවුණේ.
කටුනායක, මත්තල, රත්මලාන, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවල ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.
ගුවන් පාලකවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් දැනට රාජකාරි කටයුතු කරනු ලබන නිළධාරින්ට පැය 24 ම සේවයේ නිරතවීමට සිදුව තිබෙනවා.
පවතින ගැටළුවට ලබාදෙන විසඳුම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් විමසීමක් කළා.
ඔහු කියාසිටියේ අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ලබන 16 වනදා පුහුණුව සඳහා ආධුනිකයින් 50 දෙනෙකු බදවා ගන්නා බවයි.