ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම මේ මස අගදී එළිදැක්වීමට නියමිතයි.
දළ දේශීය නිෂ්පාදිතයට බදු සහ ණය අඩු කිරීමේ රජයේ සැලසුම් පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (06) මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළා.
ආදායම් ඉලක්ක සපුරා ගත් පසු ඉදිරි වසර පහ තුළ රජය ක්‍රමානුකූලව බදු අඩු කරන බවයි සියඹලාපිටිය අමාත්‍යතුමන් එහි දී සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ණය බර දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 128ක් වන අතර ඉදිරි වසරවලදී එය සියයට 95 දක්වා අඩු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.
රජයට තවමත් සපුරා ගැනීමට ඇති දුෂ්කර ඉලක්ක කිහිපයක් ඇති නමුත් එම සැලැස්ම සාර්ථක වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද අමාත්‍යතුමන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.