ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීමේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීමේ චාර්ත්රය අද (6) සිදු කෙරුණා.
චාරිත්‍රානුකූලව මෙම කප් සිටුවීමේ චාරිත්‍රය සිදු වූයේ උදෑසන 5.55ට යෙදුණු සුභ නැකතින්.
අද සිට දින 45ක් ගත වූ තැන පෙරහැර මංගල්‍යය නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි.
කතරගම ඇසළ මංගල්‍යයයේ ප්‍රථම පෙරහර ලබන ජූනි 19 දින ආරම්භ වී, ජූලි 3 දින අධි ඇසළ පෝය දිනයෙන් නිමාවට පත් වන බවයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ.