වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර පැවසුවේ මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රධාන ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවී නොමැති බවයි.
කෙසේවෙතත් නිරිතදිග සහ බස්නාහිර හරහා ගලාබසින ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා.
අත්තනගලු, කළු, කැලණි, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංඟාවල ජල මට්ටම් පහළ ප්‍රදේශවල දී තරමක් ඉහළ මට්ටමක පවතිනවා.
කෙසේවෙතත් ඉදිරි පැය 24ක කාලය තුළ කිසිදු ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ හැකියාව ඉතා අවම බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නමුත් ඉදිරි වැසි සහිත තත්ත්වය නිසා ජල මට්ටම් ඉහළ ගොස් ඇති ගංඟා පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද වාර්මාර්ග දෙපාර්තමේන්තුව අවධාරනය කළා.
අධික වර්ෂාවක් ඇතිවුවහොත් ඇතැම් ගංඟා ගංවතුර තත්ත්වයකට පත්වීමේ හැකියාව නොසලකාහැරිය නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
ඒ හේතුවෙන් ප්‍රධාන ගංඟා ආශ්රිත අතු ගංඟා දෙපස සිටින ජනතාවද ගංඟා හරහා ගමන් කරන පිරිස ද විමසිල්ලෙන් පසුවිය යුතුයි.
ප්‍රධාන වාරිමාර්ග ජලාශවල මේ වනවිට 67%ක ජල ධාරිතාවයක් පවතිනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල ජලාශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාන්ඔය ජලාශය මේ වනවිට වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.