විශ්රාමික පොලිස් පරික්ෂකවරයෙකු විසින් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය කුරුණෑගල මුත්තෙට්ටුගල ප්රදේශයේ ගණිකා නිවාසයක් කුරුණෑගල පොලිසිය විසින් වටලනු ලැබුවා.
එහිදි කාන්තාවන් හයදෙනෙකු සහ එම ස්ථානය පවත්වා ගෙන ගිය තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයින් කුරුණෑගල අතිරේක මහෙස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීිමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි පොලීසිය පවසන්නේ.