ලෝක කුසලානය ලබාගැනීමට ඉලක්ක කරන්නේ නම් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මේ මොහොතේදීම ස්ථාවර කරගත යුතු බව පාකිස්ථාන ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ප්‍රකාශ කරනවා.
ඔහු සඳහන් කර ඇත්තේ පවතින කාලය සහ සීමිත තරග ප්‍රමාණය අනුව, එසේ නොමැතිවුවහොත් ලෝක කුසලාන ඉලක්කය පාකිස්ථානයට ගැටළු සහගත වනු ඇති බවයි.
කණ්ඩායමේ වර්තමාන ක්‍රීඩකයන්ගේ දක්ෂතා සැළකීමේදී ආරම්භක පිතිකරුවන්ගෙන් පසු කණ්ඩායමේ ගලායාම ස්ථාවර කරගැනීමට මෙවැනි පියවරක් අත්‍යවශ්‍ය වන බවයි ඉමාම් උල් හක් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.