මන්නාරම ඉස්මොක්කන්තුරෙයි තුඩුව අසලදී නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායාමට තැත්කළ හයදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.
අත්අඩංගුවට ගත් පිරිස අතර 07 සහ 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු, 16 හැවිරිදි දැරියක්, 37 හැවිරිදි කාන්තාවක් සහ 38 හැවිදිරි බෝට්ටුව හැසිරවූ පුද්ගලයා ද වන බව සඳහන් වේ.
ඔහු හැර අනෙකුත් සියලුදෙනා මන්නාරම ප්රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් බව පොලීසිය පැවසුවේය.
අදාළ පුද්ගලයින් ගමන් කළ බෝට්ටුව නාවික හමුදා භාරයට ගෙන ඇති අතර රැගෙන ගිය ඉන්ධන සහ අනෙකුත් උපකරණ මන්නාරම පොලීසියට භාර දී තිබේ.
සැකකරුවන් මන්නාරම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

