වෙසක් පොහොය දිනයේ දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මානයේ නිවසක මුදලට සුදු ක්රීඩාවේ නිරතව සිටි ආදිවාසී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මනම්පිටිය පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් දලුකාන ගම්මානයේ ම පදිංචි අවුරුදු 28ත් 45 ත් අතර වයස්වල පසුවන්නන් බවයි.
දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මෙම සුදු පිටිය වැටලීමේ දී තවත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයත් පිරිසක් පළා ගොස් ඇති බව පොලීසිය ප්රකාශ කර තිබෙනවා.
රජයෙන් ලැබෙන සහල් ආධාර අලෙවි කර මෙම ආදිවාසී කාන්තාවන් සුදු ක්රීඩාවේ නිරතව ඇති බවයි මූලික විමර්ෂණ වල දී අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් සමග ත්රී රෝද රථයක් ද පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් (06) දින පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පළා ගිය සැකකරුවත් අත්අඩංගුවට ගැනීමට සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.