දරුවන් ඝාතනය වීම, හිරිහැරයට ලක් වීම හා මහමග දමා යාමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් දෙමාපියන්ට හදා වඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අදාළ නීති කඩිනමින් සම්පාදනය කරන බවයි.
එමෙන්ම 2017 වසරේ සිට මේ දක්වා ළමයින් 80 ක් ඝාතනයට ලක්ව ඇති බවත් තවත් ළමුන් 60 ක් මහ මග අතහැර දමා ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
දැනට පවතින නීතිය අනුව දරුවන් අතහැර යන මව්පියන්ට එරෙහිව නීති ක්රියාමාර්ගගත හැකි බවත් නව සංශෝධන අනුව දරුවන් භාර ගැනීමේ කවුළු වෙත සිය දරුවන් භාර දෙන මව්පියන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග නොගන්නා බවත් පාරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මෙහි දී ප්රකාශ කළා.