දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(04) දිනයේ දී ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවන බවයි සඳහන්.
තවද නැගෙනහිර, ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට 75mm ට වැඩි තරමක් තද වැසි ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට 50mm ක පමණ තරමක් තද වැසි ද ඇති වෙනවා.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.