එක්සත් රාජධානියේ රජු සහ රැජින ලෙස III වන චාල්ස් සහ ඔහුගේ බිරිඳ කැමිලාගේ රාජාභිෂේකයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) පෙරවරුවේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වන බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා සමඟ තවත් 08 දෙනෙකු ද එහි පිටත්ව ගොස් තිබෙන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඔවුන් අද (04) දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන අතර මෙම පිරිස ඩුබායි සිට වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.