උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී යළි නොපැමිණි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් රජයට අයවිය යුතු බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කෝප් කමිටුවේ දී අනාවරණය කළා.
2022.12 වන මාසය වන විට රුපියල් කෝටි 200ක් අය කර ගැනීමට ඇති බවයි ඔවුන් අනාවරණය කළේ.
වැඩිම ආචාර්යවරුන් පිරිසක් විදෙස් ගත වී ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බවත් වැඩිම මුදලක් අය කර ගැනීමට ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් බවත් කෝප් කමිටුව වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව කැළණිය විශ්ව විද්‍යාලයෙන් රුපියල් මිලියන 237 ද නැගනහිර විශ්ව විද්‍යාලයෙන් මිලියන් 188ක් ද වශයෙන් අය කර ගැනීමට ඇති බවයි එහි දී අනාවරණය වුණේ.
ආචාර්යවරු 617කට අධික පිරිසක් මෙලෙස විදෙස් ගත වී පැමිණ නැති බවත් ඔවුන්ගෙන් අය කර ගැනීමට ඇති මුදල බිලියන 2ට ආසන්න බවත් කෝප් කමිටුව සඳහන් කළා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ සඳහන් කළේ අදාළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මුදල් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.