කළුතර උතුර පොලීසියේ සේවය කොට විශ්රාම ලැබූ කළුතර දකුණ, සේරුපිට, කොහොලාන ප්රදේශයේ පදිංචිව සිටි විශ්රාමික පොලිස් සැරයන්වරයෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් සිටි විශ්රාමික පොලිස් සැරයන්වරයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (02) රාත්රීයේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහුගේ නිවසේ රූපවාහිනිය සඳහා ඇන්ටනාව සකස් කිරීමේදී ඇන්ටනා බටය විදුලි වයරයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වයි.