2022 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයින් 301දෙනෙකු අතරින් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
වෛද්‍යවරු පවසන්නේ ජනතාවගේ නොදැනුවත්කම හා රෝගීන් නිසි ප්‍රතිකාරවලට යොමුනොවීමෙන් මේ වසරේ මුල් මාස කිහිපයේදී ද එම තත්ත්වයේ අඩුවක් නොමැති බවය.
ක්ෂය රෝගය වැළඳී එහෙත් හඳුනානොගත් රෝගීන් 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් සමාජය තුළ සිටින බවට අනුමාන කෙරේ.
මෙම රෝගය බැක්ටිරියාවක් මගින් පැතිරෙයි.
රෝගී පුද්ගලයෙකු කහින විට, කතාකරන විට, කිවිසුම් යවන විට, සිනාසෙන විට, නිරෝගී පුද්ගලයකුට වාතය හරහා එය බෝවෙයි.