දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදීද පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර හා දකුණු පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍ර දේශවල උදෑසන කාලයේදිද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
නැගෙනහිර හා උූෟව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවලද ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.